බැතිමතුන් හට ආසිරි
1 සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති, එතුමන්ගේ මාර්ගයෙහි හැසිරෙන සියල්ලෝ භාග්‍යවන්තයෝ ය.
2 මන්ද, ඔබේ ශ්‍රම ශක්තියේ ප්‍රතිඵලය ඔබ භුක්ති විඳින්නෙහි ය.
ඔබ වාසනාවන්ත ය;
ඔබට ශුභසිද්ධ වන්නේ ය.
3 ඔබේ බිරිඳ ඔබේ නිවෙස තුළ පල දෙන මිදිවැලක් මෙන් වන්නී ය.
ඔබේ දරුවෝ ඔබේ මේසය වටා ඔලීව පැල මෙන් වන්නෝ ය.
4 සමිඳුන් කෙරෙහි ගරුබිය දක්වන්නා මෙසේ ආසිරි ලබන්නේ ය.
5 සමිඳාණෝ සියොන්හි සිට ඔබට ආශීර්වාද කරන සේක් වා!
ඔබේ මුළු ජීවිත කාලයේ දී ජෙරුසලමේ සුබ සෙත ඔබට දක්නට ලැබේ වා!
6 ඔබේ දරු මුණුබුරන් දකින්නට ලැබේ වා!
ඉශ්රායෙල් සෙනඟට සාමය වේ වා!