ජය මංගල ගීය
1 සමිඳුන් පසසන්න. සමිඳුන්ට නව ගීතිකාවක් ද සැදැහැවතුන්ගේ සභාවේ දී එතුමන්ගේ පැසසුම් ද ගායනා කරන්න.
2 තමන් මැවූ තැනැන් වහන්සේ කෙරෙහි ඉශ්රායෙල් ප්රීති වෙත් වා!
තමන්ගේ රජුන් කෙරෙහි සියොන්හි දරුවෝ ප්රීතිමත් වෙත් වා!
3 එතුමන්ගේ නාමයට රඟපාමින් පැසසුම් කරත් වා!
රබන් ගසා, වීණා වයා එතුමන්ට පසස් ගී ගයත් වා!
4 සමිඳාණෝ සිය සෙනඟ කෙරෙහි ප්රසන්න වන සේක.
දීනයන් ජය සිරියෙන් සරසන සේක.
5 සැදැහැවත්තු මහිමයෙන් යුක්ත ව ප්රීති වෙත් වා!
මුළු රෑ එතුමන් නමදිමින් ප්රීතියෙන් ගායනා කරත් වා!
6 දෙමුවහත් කඩුවක් අතට ගනිත් වා!
සිය මුවින් සමිඳුන්ට පැසසුම් කරත් වා!
7 එසේ කරන්නේ, ජාතීන් කෙරෙහි පළිගැනීම පිණිස ය;
මිනිස් වර්ගයන් කෙරෙහි දඬුවම් පමුණුවන පිණිස ය;
8 ඔවුන්ගේ රජුන් යදමින් ද ඔවුන්ගේ අධිපතීන් විලංගුවලින් ද බඳින පිණිස ය;
9 ලියන ලද විනිශ්චය ඔවුන් කෙරෙහි ඉටු කරනු පිණිස ය;
මේ ගෞරවය එතුමන්ගේ සියලු සැදැහැවතුන්ට ඇත්තේ ය.
සමිඳුන්ට ප්රශංසා වේ වා!