පළමු වන කාණ්ඩය
( ගීතිකා 1-41)
සැබෑ වාසනාව
1 දුදනන් උපදෙස් අනුව නොයන, පව්කරුවන්ගේ මඟ නොයන, දෙවිඳුන් ගරහන්නන් ඇසුරු නොකරන,
2 සමිඳුන්ගේ විනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන, දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්තයෙක් වන්නේ ය.
3 ඔහු ඇල දොළ අද්දර සිටුවා ඇති, නියම කලට පල දරන, කොළ පර වී නොයන ගසකට සමාන ය;
ඔහු කරන සැම දේ සරු සාර වේ.
4 පවිටු දනෝ එසේ නොවෙති;
ඔව්හු සුළඟේ යන බොල් හා සමාන වන්නෝ ය.
5 විනිසය එන දා දුදනන්ට නම් වරද පැවරේ;
දමිටුන් සමඟ ඔවුන්ට ගැවසුම් නැත්තේ ය.
6 දමිටුන් හට සමිඳාණෝ සරණ වන සේක.
පවිටුන්ගේ මාර්ගය විනාශයට යන්නේ ය.