සමිඳුන්ගේ යහපත්කම වැණීම
1 සමිඳුන්ට ප්රශංසා කරන්න, සමිඳුන්ගේ මෙහෙකරුවෙනි, ප්රශංසා කරන්න, සමිඳුන්ගේ නාමයට ප්රශංසා කරන්න.
2 මෙතැන් පටන් සදහට සමිඳුන්ගේ නාමයට ප්රශංසා වේ වා!
3 සමිඳුන්ගේ නාමයට නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ප්රශංසා කටයුතු ය.
4 සියලු ජාතීන්ට ඉහළින් සමිඳාණෝ වැජඹෙන සේක.
එතුමන්ගේ මහිමාලංකාරය අහස් තලය ඉක්මවා යයි.
5 අපේ දෙවි සමිඳුන්ට සමාන අන් කෙනෙක් නැත;
එතුමාණෝ උසස් තැන්හි වැඩ හිඳින සේක.
6 එහෙත්, අහසත්, පොළොවත් බලන පිණිස එතුමාණෝ පහතට නැමෙන සේක.
7 එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක;
දිළිඳා කසළ ගොඩින් ඔසවන සේක.
8 එසේ කරන්නේ, ඔවුන් අධිපතීන් සමඟ, තම සෙනඟගේ අධිපතීන් සමඟ හිඳුවන පිණිස ය.
9 එතුමාණෝ වඳ ස්ත්රිය දරුවන් ඇති ප්රීතිමත් මවක කරන සේක;
ඈට නිවෙසක් දෙන සේක.
සමිඳුන්ට ප්රශංසා කරන්න.