පැසසුම් ගීයක්
1 සමිඳුන් පසසන්න.
දෙවිඳුන්ගේ ශුද්ධ ස්ථානයෙහි දී එතුමන් පසසන්න.
එතුමන්ගේ බලය පවත්නා අහස් තලයෙහි එතුමන් පසසන්න.
2 එතුමන්ගේ බලවත් ක්රියා නිසා එතුමන් පසසන්න.
එතුමන්ගේ ලොවුතුරා මහිමතාව නිසා එතුමන් පසසන්න.
3 හොරණෑ නාදයෙන් එතුමන් පසසන්න.
කුඩා වීණාවෙන් හා මහා වීණාවෙන් එතුමන් පසසන්න.
4 රඟපාමින් හා කිකිණි රබානෙන් එතුමන් පසසන්න.
වීණාවෙන් හා නළාවෙන් එතුමන් පසසන්න.
5 හඬැති අත්තලින් ද උස් නද දෙන අත්තලින් ද එතුමන් පසසන්න.
6 ජීවමාන සියල්ලෝ සමිඳුන් පසසත් වා! සමිඳුන්ට ප්රශංසා වේ වා!