ඇය නේවර්ස්හි ගිල්ඩාඩ් කන්‍යාරාමයට ඇතුළු වුයේ 1866 ජුලි 7 දාය. බර්නදෙත් තුමිය මුලින්ම කන්‍යාරාමයේ එදිනෙදා කටයුතු වලට සහය වීමත් අකුරු ඉගෙන ගැනීමත් ගෙතුම් වලත් යෙදුනාය. එම වසරේම දෙසැම්බර් 8 දා තම මෑණියන්ගේ වියෝව සිදුවූ අතර එය බර්නදෙත් තුමිය වෙත දන්වන ලද්දේ 10 වනදාය. කන්‍යරාමයේදී ඇය වරින් වර රෝගාතුර වුවාය. මේ අතර 1871 මාර්තු 4 දා සිය පියාණන්ගේ මෙලොව හැර යාමද බර්නදෙත් තුමිය තව දුරටත් ශෝකයට පත් කළේය.
නේවර්ස්හි ගිල්ඩාඩ් කන්‍යාරාමයේ මාරි තේරෙස් වෝසු කන්‍යා සොයුරියගේ මාර්ගෝපදේශකත්වය හා ප්‍රධාන මවු තුමියගේ අධික්ෂණයන් යටතේ අකුරු ඉගෙන ගෙන ලියන්නට කියවන්නට ඇයට අවකාශ සැලසිණි. ඒ අනුව අයහපත් සෞඛ්‍යය තත්වය නිසා කාමලයිට් තාපසිකාවක වීමේ අදහස අත්හැර දමන්නට සිදුවී තිබුණද දේව දයාවේ කන්‍යා සොහොයුරියක ලෙස 1866 ජුලි 29 දා තවත් හතලිස් දෙදෙනෙකු සමග දේව සේවයට පැවදි වරියක් ලෙස එක්වන්නට මෙතුමියට හැකිවිය. මෙතුමියට මාරි බර්නාඩ් යන පැවිදි නාමය ප්‍රධාන මවුතුමිය විසින් ප්‍රදානය කරනු ලැබිය. කන්‍යාරාමය තුලදී මැහුම් ගෙතුම් කටයුතු වලට වඩාත් නැබුරු වූ මෙතුමිය පුජාසන හා පුජක ඇදුම් සදහා එම්බ්‍රොයිඩර් සැකසීමට වඩාත් හැකියාවක් පෙන්වූවාය. ලූර්දුවෙන් පැමිණියද ලූර්දුවේදී තමා වෙනුවෙන් යදින ලෙසද තමා ගතින් නොව සිතින් එතරම් ආදරය කල ගුහාව පාමුල සිතින් සිටින බවද ඇය සිය සොයුරියනට ප්‍රකාශ කර තිබිණි.
” දෙව් මවුන් දූවිලි ඉවත් කරනු සදහා මා මුස්නක් ලෙස යොදා ගත්තාය. එම කාර්යය අවසාන වූ විට මුස්න යළි දොර මුල්ලේ තබනු ඇත” වරක් දේව මාතා දර්ශනය පිළිබද විමසු අවස්ථාවක එතුමියගේ පිළිතුර විය.
එහෙත් එතුමිය ලූර්දුව අමතක කලේ නැත. දේව මාතාවන් දර්ශනය වූ අවස්ථාවක පුජක තුමන්ලා දැනුවත් කර දේව මන්දිරයක් ගොඩ නංවන ලෙස බර්නදෙත් තුමියට උපදෙස් දුන් බව අපි කලින් සදහන් කළේය. එතුමිය ලූර්දුවේ පුජකතුමන්ලා වෙතින් කරන ලද ඉල්ලීම් අනුව එකක් නොව දේව මන්දිර කිහිපයක් ලූර්දු පුදබිමේ ඉදි කරන ලදී. ඒ අනුව අද වන සිට ලක්ෂ 50ක් ඉක්මවූ සැදැහවතුන් පිරිසක් මේ පුද බිම කරා රොක් වෙති. මෙහි දසවන පියුස් බැසිලිකාව 23 වන ජුවාම් පාප්තුමා ප්‍රංශයේ අපෝස්තුලික තානාපති ලෙස ශුද්ධාසනයට පත්වීමට පෙර සේවය කල සමයෙහි අභිෂේක කරන ලද අතර එහි පමණක් 25000 ක් වන්දනාකාර පිරිසකට ඉඩකඩ සැලසේ. බර්නදෙත් තුමිය ක්ෂය රෝගයටද ගොදුරුව ගිලන් වූ බැවින් 1876 දී ලූර්දුවේ නිර්දෝෂව පිලිසිදීමේ බැසිලිකාව අභිෂේක කිරීමේ උත්සවයට සහභාගී වීමේ වරම් නොලද්දීය.
ස්වර්ගස්ථ වීමට පෙර මාස කිහිපයක් කන්‍යාරාමයේ කටයුතු වලට ක්‍රියාකාරී ලෙස සහභාගී වීමට බර්නදෙත් තුමියට අවකාශය සැලසුනේ නැත. ” භාග්‍යවත් මරියනි, දේව මාතාවෙනි, මා නිසා යාච්ඤා කල මැනව. දුගී පව්කාර මා නිසා යාච්ඤා කළ මැනව ” යන යැදුම ජපමාලය උච්චාරණය කරමින් සිටි එතුමියගේ මුවින් පිටවුයේ එතුමියගේ අවසාන යැදුම ලෙසය. ඒ 1897 අප්‍රේල් 16 වනදාය. දෙවිදුනට ඉතා ප්‍රසන්න යහපත් ජීවිතයක් ගත කළ එතුමිය වයස අවුරුදු 35 දී දෙව් මව් තුරුල සොයා ගියාය.
ස්වර්ගස්ථ වීමෙන් වසර 30 කට පසුව 1909 සැප්තැම්බර් 22 දා නේවර්ස් හි රදගුරු ගෝදි හිමිපාණන් හා වෛද්‍ය විශේෂඥයන් ගෙන්ද සමන්විත කණ්ඩායමක් විසින් ගිල්ඩාඩ් කන්‍යාරාමයේ තැම්පත් කර තිබු බර්නදෙත් තුමියගේ සිරුර ගොඩ ගන්නා ලදී. සිරුර මත තබා තිබු කුරුසිය හා ජපමාලය මල බැදී තිබුණත්, සිරුර නොදිරා පැවතිණි. නැවත වතාවක් 1919 අප්‍රේල් 3 වනදා විශේෂඥ කණ්ඩායමක් විසින් සිරුර පරික්ෂාවට භාජනය කරන ලදී. නැවත 1925 දී තෙවන වරටත් පරීක්ෂණයක් සිදු කරන ලදී. මේ සියලු පරීක්ෂණ සනාථ කලේ එතුමියගේ සිරුර කිසිදු රසායනික ද්‍රව්‍යයක් නොයොදා නොදිරා තිබෙන බවයි. අදත් මේ නොදිරු සිරි සිරුර ගිල්ඩාඩ් කන්‍යාරාමයේ කුඩා දෙව් මැදුරේ පුදසුනට වම් පසින් දැකබලා ගත හැකිය. ඒ ඉදිරිපිට දෙදණ හොවා යැදුමක් කිරීමට ඔබට අවකාශය සැලසේ.
1925 ජුනි 14 දා මෙතුමිය xi වන පියුස් පාප්තුමන් විසින් භාග්‍යවරයටද 1933 දෙසැම්බර් 8 දා ශුද්ධවරයටද ඔසවන ලදී.
” භාග්‍යවත් බර්නදෙත් තුමිය සාන්තුවරයට එසවීමේ තීන්දුවේ ප්‍රතිඵලය අපි මෙසේ ප්‍රකාශ කර සිටිමු. අපි ඇයගේ නාමය සාන්තුවර ලිතට ඇතුලත් කරමු. එතුමියගේ වාර්ෂික අනුස්මරණ මංගල්‍යය දිනය එතුමිය ස්වර්ගීය උපත ලැබූ අප්‍රේල් 16 දින ලෙස සලකන මෙන්ද නියෝග කරමු ” xi වන පියුස් සුදොතුම් පියාණන්ගේ හඩ රෝමයේ ශාන්ත පීතර බැසිලිකා භූමිය පුරා නින්නාද වූයේ ලක්ෂ සංඛ්‍යත ජනතාවයේ ඔල්වරසන් මැදය. ඒ අතර මරිය මාතාවන්ගේ උදාන ගීය හා හොරණෑ නාදය සමග ශාන්ත පීතර බැසිලිකාවේ සීනු නාද කරන්නට පටන් ගත්තේය.
1862 දී එවක සුදොතුම් පියාණන් වූ ix පියුස් පාප්තුමා දේව මෑණියන්ට ලූර්දු මාතාවන් ලෙස ගෞරව දැක්වීමට අවසරය රදගුරු බර්ටුන්ඩ් ලෝරන්ස් හිමිපාණන් වෙත ප්‍රදානය කරනු ලැබීය. එදා මෙදා තුර ලූර්දු මෑණියෝ සිය පුත්‍රයාණන් හා අපගේ ස්වාමින්ද වන ජේසු සමිදුන්ගේ මැදහත් කමින් අප වෙත ආසිරි වැසි වස්සමින් අපගේ රැකවරණය බවට පත් වී ඇත.