සැප්තැම්බර් 21 වන දින සුබ අස්න – ශු. ලූක් 8: 9 – 13

9 උන් වහන්සේගේ ශ්‍රාවකයෝ, ”ඒ උපමාවේ තේරුම කිමෙ‍ක් දැ”යි උන් වහන්සේගෙන් විමසූ හ. 10 උන් වහන්සේ ඔවුන්ට මෙ‍සේ වදාළ සේක: ”දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ අබිරහස් පිළිබඳ අවබෝධය ඔබට දී ඇත. එහෙත්, දැක දැකත් නොදක්නා පිණිස ද අස අසාත් නොවටහාගන්නා පිණිස ද සෙසු අයට ඒවා උපමා මඟින් දෙනු ලැබේ.” 11 ”උපමාවේ තේරුම මේ ය: බීජ නම් දෙවියන් වහන්සේගේ වචනය ය. 12 මඟ අසල වූවෝ නම් වචනය ඇසූ අය ය. එහෙත්, ඔවුන් අදහා ගැළවීම නොලබන පිණිස, යක්ෂයා අවුත් ඔවුන්ගේ සිත්වලින් වචනය පැහැර ගන්නේ ය. 13 ගල් බිමෙ‍හි වූවෝ නම්, වචනය අසා සතුටින් පිළිගන්න නමුත්, සිත්හි රඳා නොපවතින බැවින් කලකට පමණක් අදහා, පරීක්ෂා කාලයෙහි වැටී යන අය ය.

Suba Asna - සුබ අස්න

FREE
VIEW