පාරිශුද්ධ දේව මාතාවන් වන මරියෝත්තමාවගේ මංගල්‍යය

අලුත් වසරක්. අලුත් ආරම්භයක්. අද දින අපි පාරිශුද්ධ දේව මාතාවන් වන මරියොත්තමාවගේ මංගල්‍යය සමරන්නෙමු. මේ නව වසරේ මරිය රැජිණිය අද අපට ආරාධනා කරන්නේ එතුමිය මෙන් දේව කැමැත්ත අප ජිවිත තුල ඉටු කරන්නට ඉඩ දෙන්න කියන දෙයයි. තම ජිවිතයට පැමිණි සියලුම අභියෝග එතුමිය ජයගත්තා. ඒ සියල්ල කලේ දේව කැමැත්තට, දේව සංරක්ෂණයට නතු වීම තුල. සරලව කිව්ව්වොත් සියල්ල දෙවියන් වහන්සේට බාර දී ඉතා සරල ජිවිතයක් ගත කිරීම තුල.

මේ නව වසරේ එතුමිය අපෙන් ඉල්ලා සිටින්නේත් එවැනි ජීවිතයකට මාරු වෙන්න කියායි. මන්ද දෙවියන් වහන්සේ දන්නවා අපිට ඕනි දේ එපා දේ. ඒවා හැම දෙයක්ම උන්වහන්සේ නියමිත මොහොතේ නියමිත ආකාරයෙන් ලබා දෙනවා. ඒ සදහා අවශ්‍යය වන්නේ කුමන ප්‍රශ්න අභියෝග ආවත් දිගටම උන්වහන්සේ තුල ජීවත් වීමයි. මෙලෙස ඔබ දෙවිදුන් තුල ජීවිතයකට අවංකව යොමු වෙනවානම් ඔබට ඉතා නිදහස් ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙනවාමයි. මේ නව වසරේ අධිෂ්ඨාන කරගන්න ජේසුස් වහන්සේ තුල ජීවිතයකට යොමු වන්න. ජීවිතයේ නිදහස සතුට අත්දකින්න.

Suba Asna - සුබ අස්න

FREE
VIEW