වෙනස් වෙමු.. ජේසුව අත්දකිමු…

දිනකට සුළු මොහොතක් හෝ පවුලේ සියලු දෙනා එක්වී යාච්ඤා කරන්න. දිනකට පැය විසි හතරෙන් විනාඩි දහයක් ඔබට මේ සදහා වෙන් කරන්න බැරි නැහැ. එහෙම බැහැ කියනවනම් ඒ ඔබේ නොසැලකිල්ල. දිනකට සුළු මොහොතක් හෝ යාච්ඤාවට යොමු කරන්න බැරිනම්, ඔටත් ඔබේ පවුලටත් ජේසුගේ බලය අත්දකින්න බැරි බව හොදට මතක තබා ගන්න…. එකට යදින පවුල එකට සිටි…

අද සුබ අස්න තුලින් උපමාවක් මාර්ගයෙන් කියනවා පහනක් පත්තු කරලා ඇදක් යට වගේ වැහෙන තැනකින් තියන්නේ නැහැ කියල. මේ උපමාව තුලින් ලබා දෙන පණිවුඩය තමයි අපි අපගේ දක්ෂතා වලින් උපරිම ප්‍රයෝජන ගෙන අපට පමණක් නොව, අන් අයටද සහනයක් විය යුතුයි කියල. මේ හැකියා දක්ෂතා දෙවිදුන් ඔබට ලබා දී තියෙන්නේ ඒ නිසයි. ඒ වගේම ඔබ සතු ධනය , කාලය මගින්ද අන් අයට මෙහෙවරක් කිරීමට යොමු විය යුතුමයි. අන්න එවිටයි ඔබ ඇදක් යට වැහෙන තැනක තියෙන පහනක් නෙමේ, අන් අයට එලිය දෙන පහනක් වෙන්නේ

අද දේව වචනයේ කියනවා කවුද ක්‍රිස්තුස් වහන්සේගේ සහෝදර සහෝදරියෝ කවුද අම්මා කියා. දේව කැමැත්ත ඉටු කරන අය තමයි උන්වහන්සේගේ සහෝදරයෝ හා අම්මා වෙන්නේ කියා උන්වහන්සේ පවසනවා. අපට හිතෙන්න පුළුවන් මෙය හුදෙක් වචනයක් පමණයි කියා. නමුත් මුල් කිතුනු සංඝය මෙය හොදින් අත් දැක්කා. ඔවුන් අතර හොඳ එකමුතුකමක් තිබුනා. තමන් සතු දේවල් පොදුවේ තබා ගත්තා. පවුලක තියෙන්නේ නැති එකමුතුකමක් ඒ කිතුණු සංඝය තුල තිබුණා.

අද දවසේ අපි එයත් ආදර්ශයට ගන්න ඕනා. ගැබුරින් දේව කැමැත්ත ඉටු කරනවා කියන්නේ එකිනෙකාට ආදරයෙන් බැඳිලා ඔවුන්ට උදව් උපකාර කිරීමයි. ඉතින් අපි උත්සහ කරමු , ඒ විදියට එකිනෙකාට ආදරය කරුණාව දැක්වීමට. එකම කිතුණු පවුලක් ලෙස එකතු වෙන්නට. එවිට අපගේ ජීවිත තුලින් දේව කැමැත්ත ඉටු වෙනවා ඇත.

අපේ ජීවිත නිමවී ඇත්තේ ප්‍රධාන වශයෙන් ශරීරය හා ආත්මය කියන දෙකේ එකතුවක් වශයෙන්. අපි මේ ලෝකයෙන් ශාරීරිකව වෙන්වී ගියත් , අපේ ආත්ම සදාකල් පවතිනවා. මරණින් පසු එම ආත්මයට කුමක් වන්නේද යන්න තීරණය වන්නේ අපි මේ ලෝකයේ ජීවත් වෙන ආකාරය අනුවයි.

ඉතින් මේ ආත්මයට විරුද්ධව ඔබ කරන සියලුම පාපයන්ගෙන් ඈත් වෙන තරමට මරණින් පසු ස්වර්ග රාජ්‍යයේ උරුමය ලබනවාද යන්න තීරණය වන බවත් අපට පෙන්වා දෙනවා. පාපය කියන්නේ හරියට උගුලක් වගේ. පොඩි දෙයින් පටන් ගෙන ලොකු ලොකු දේ වලට අපි නොදැනුවත්වම ඇදගෙන යනවා.

එබැවින් සියලුම පාපයන්ගෙන් ඈත් වෙන්න උත්සහ කරන්න. ඒ පාපය ලොකුයි, මේ පාපය පොඩියි කියල දෙයක් නැහැ. ඔබ නොදැනුවත්වම ඔබ පොඩි කියල හිතන පාපය තුලින් ඔබට හෝ වෙන කෙනෙකුට විශාල අවැඩක්, වෙනත් පාපයක් බිහි වෙන්න පුළුවන් කියල හොදට මතක තබා ගන්න.

ජීවිතයේ සමහර දේවල් අපි ජේසුගෙන් ඉල්ලුවත් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ බොහෝ දෙනා ජේසුවත් අමතක කරලා ජේසූගෙන් ඈත්වෙනවා. හැබැයි ඔවුන් දන්නේ නැහැ ඒ දේ ජේසු දුන්නේ නැත්තේ ඔවුන්ගේම හොදටයි කියල. කල් යද්දී තේරෙනවා ඇත්තටම ජේසු ඒ දේ දුන්නේ නැති එක හොදයි, දුන්නම ලොකු ප්‍රශ්නයක් වෙනවා ජීවිතයට කියල. මේ දේ ඒ වෙලාවේ තේරෙන්නේ නැහැ. මෙන්න මේ නිසයි කියන්නේ අපි යාච්ඤා කරද්දී අපිට ඕනි කියල අපි හිතන ලැයිස්තුව කියන් යන්න නෙමේ, අපේ ජීවිතයට ඕනි දේවල් ආදර ජේසුනි ඔබ වහන්සේ දන්නා නිසා ඒවා නියමිත මොහොතේ නියමිත අකාරයෙන් අපිට ලබා දෙන්න කියා යාච්ඤා කරන්න. මෙයයි අපේ යාච්ඤාව විය යුත්තේ…

ජේසුට ජීවිතය සම්පූර්ණයෙන් භාර දෙන්න. සම්පූර්ණයෙන් කියන්නේ ප්‍රශ්න එද්දී කෝ ජේසූ කියලා අහන එක නෙමේ, සියල්ලම ජේසුට බාර දීලා මොන ප්‍රශ්න ආවත් ජේසූ තුලම ජීවත් වෙන එක. අන්න එවිට ජේසුගේ බලය අත්දකින්නට පුළුවන් වෙයි.

යාච්ඤාව කියන්නේ ජේසු එක්ක සම්බන්ධ වෙන්න තියෙන හොදම මාර්ගයයි. ඉතින් ඔබ ඒ හොදම මාර්ගය භාවිතා කරන්නේ නැත්නම්, ජේසුගේ බලයත් අත්දකින්න වෙන්නේ නැහැ. අවංකව මෙනෙහි කරමින් සුළු මොහොතක් හෝ අවංක යාච්ඤාවට යොමු වෙන්න. එවිට ජේසුගේ බලය ඔබට අත්දකින්න හැකි වේවි…

දිව්‍ය පූජාවට ක්‍රියාකාරීව සහභාගී වන්න. පණිවුඩය සිතට ගන්න. එය ජීවිතයේ ක්‍රියාත්මක කරන්න. යාච්ඤාව, මෙනෙහි කිරීම තුල කරන්න. තමන් කියන්නේ කුමක්ද කියා සිතට ගන්න. ශු. බයිබලය මෙනෙහි කරමින් කියවන්න. එහි පණිවුඩය සිතට ගන්න. ක්‍රියාත්මක කරන්න. මෙයයි අද ඔබට ජේසූ දෙන පණිවුඩය !!!

අද අපිට ජේසු ලබා දෙන පණිවුඩය තමයි ජේසු කියන ඕනෑම දෙයක් කරන්න ලෑස්ති වෙන්න කියල. සමහර දේවල් අමාරුයි කියල අපිට හිතෙයි. හැබැයි අපි ඒ පළමු පියවර ජේසු තුල විශ්වාසය තබලා තියෙනවනම්, එතනින් පස්සේ ඉතුරු ටික ජේසු බලා ගන්නවා… ඉතින් ජේසු කෙරෙහි විශ්වාසය තියල උන්වහන්සේ කියන ඕනිම දෙයක් කරන්න. එවිට ජේසුගේ බලය ඔබට ඔබේ ජීවිතය තුල අත්දකින්න පුළුවන් වෙනවාමයි…

අද ජේසුස් වහන්සේ අපට ආරාධනා කරන්නේ යක්ෂයාගෙන් ඈත් වෙලා ජේසු ලඟට ලං වෙන්න කියලයි. අපි එසේ කරන්න කරන්න යක්ෂයා අපගෙන් ඈත් වෙනවා. අපි ඌට වඩා බලසම්පන්න වෙනවා.

ජේසුනි ඔබවහන්සේ මාගේ අවශ්‍යතා දන්නවා. ඒවා මට නියමිත මොහොතේ නියමිත ආකාරයෙන් ලබා දෙන්න කියල යාච්ඤා කරන්න පුරුදු වෙන්න. එයයි සැබෑ යාච්ඤාව. නැතුව ඔබට ඕනෑයි කියල හිතන ලැයිස්තුවක් කියන එක නෙමේ.

ශුද්ධාත්මයාණන් වහන්සේ.. අපි ගොඩක් අයට අමතක වෙන, නැතිනම් අපේ යාච්ඤා වල අපි ප්‍රමුඛත්වයක් දෙන්නේ නැති, නමුත් ශු. ත්‍රිත්වය තුළ මහා බලයක් සතු තැනන් වහන්සේ.

බලන්න ජේසු ගලීලයට වැඩම කල සිද්ධිය. උන්වහන්සේ ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් බලය ලබලයි ඒ ගමන ගියේ. නමුත් අපි ? සමහරු ගිතිකාවකට , යාච්ඤාටකට පමණක් ශුද්ධාත්මයාණන් වහන්සේව සීමා කරලා. උන්වහන්සේගේ ඇත්ත බලය අත්දකින්නේ නැහැ.

අද ජේසු අපිට ආරාධනා කරන්නේ ඇත්තටම ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලය අත්දකින්න කියා. ඔබේ යාච්ඤාව තුල අවංකව මෙනෙහි කරමින් ශුද්ධාත්මයාණන් වහන්සේට ආරාධනා කරන්න ඔබ තුළට වඩින්න, දවස පුරාවට ඔබ තුළ ක්‍රියා කරන්න කියා. දවසේ සෑම මොහොතක්ම ගත කරද්දී සිතින් උන්වහන්සේට ඉඩ දෙන්න ඔබ තුළ ක්‍රියා කරන්න. ඔබේ ජීවිතයේ උන්වහන්සේගේ බලය ගොඩක් අත්දකින්න හැකිවේවි.

Suba Asna - සුබ අස්න

FREE
VIEW