ගීතාවලිය – 130 වන පරිච්ඡේදය –

දුක් සයුරේ සිට යැදීම

1 සමිඳුනි, දුක් සයුරේ සිට මම ඔබට මොරගසමි.
2 සමිඳුනි, මාගේ හඬට සවන් දුන මැනව, මාගේ කන්නලව්වට ඔබේ කන් යොමු කළ මැනව.
3 සමිඳුනි, ඔබ අපේ අයුතුකම් සටහන් කර තබන සේක් නම්, විනිශ්චයයෙන් බේරෙන්නට පුළුවන් කවරෙකුට ද?
4 එහෙත්, ඔබ කෙරෙහි ගරුබියෙන් සිටින පිණිස ඔබ අපට කමාව දෙන සේක.
5 මම සමිඳුන්ගේ උපකාරය උදක් ම බලා සිටිමි.
එතුමන්ගේ වචනය කෙරෙහි බලාපොරොත්තුව තබමි.
6 පහන් වන තුරු බලා සිටින මුරකරුන්ට වඩා, එසේ ය, එළිය වැටෙන තුරු බලා සිටින මුරකරුන්ට වඩා මම සමිඳුන් එන තුරු බලා සිටිමි.
7 එම්බා ඉශ්රායෙල් ජනයෙනි!
සමිඳුන් කෙරෙහි බලාපොරොත්තු වන්න.
මන්ද, සමිඳුන්ගේ ප්‍රේමය තිරසර ය.
ගැළවීම මුළුමනින් ම එතුමන් අතෙහි ය.
8 එතුමාණෝ ඉශ්රායෙල් ජනයා ඔවුන්ගේ පාප සියල්ලෙන් මුදා හරින සේක.

Suba Asna - සුබ අස්න

FREE
VIEW