💞💞💞විවාහය💞💞💞

ශු,සුවිශේෂයෙන් කොටසක්

ශු මතෙව් 19 : 13 – 12

”පටන් ගැන්මේ සිට ම මැවුම්කාරයාණන් පිරිමි ගැහැණු වශයෙන් මනුෂ්‍ය වර්ගයා මැවූ බව ඔබ කියවා නැද් ද? ඒ නිසා මිනිසෙකු තම පියා ද මව ද අත්හැර සිය භාර්යාවට ඇලුම් වන බවත්, ඒ යුවල එක් කෙනෙකු වන බවත් දෙවියන් වහන්සේ වදාළ සේක. මෙසේ ඔව්හු එවක් පටන් දෙදෙනෙකු නොව එක් කෙනෙක් වෙති. එබැවින් දෙවියන් වහන්සේ එක් කළ අය මනුෂ්‍යයා වෙන් නොකෙරේ වා”යි වදාළ සේක

ජේසුස් වහන්සේ ,
සෑම විටම පිලිතුරු ලබා දුන්නෙ.. දේවතාත්තගෙන්.. වගේම ඒ ගැන අධිකාරී බලයකින්.. ඉතින් ඔබටත් මටත් ඒ අධිකාරී බලය තිබිය යුතුමයි.. අපගෙන් ප්‍රශ්න කරන්නන් හට පිලිතුරු දීමටනම්..

මිනිසා.. පුරුෂයා සහ ස්ත්‍රිය ලෙස මවනු ලැබුවා.. ඒ ලෝකය පුරා වැඩිවර්ධනය වී.. විසිරී යන්නටත්.. දෙදෙනාගේ තනිකම පාළුව මකා ගන්නටත්ය.. මැවීමේ කතා පුවතේදි.. ආදම් තනිව. පාළුවෙන් ඉන්නව දැක්ක දේව තාත්ත.. ආදම්ට ඒවව මවල දෙනව.. ඒ සදා කාලිකවම.. දෙදෙනාට එක් අයෙක් ලෙස ජීවත් වන්නටයි..

මෝසෙස්ගෙ ව්‍යවස්ථාව අනුව.. දික්කසාදය.. අනුමත කරනු ලබනව.. එයට හේතුවනම් එදා ඒ සමාජය තුල.. මිනිස්සු දරදඩු හා එදා මිනිසුන්ගේ සිත් දැඩි කම තිබුන අය නිසයි,.. එම නිසා… පවුල් ප්‍රශ්න වලදී දික්කසාදයකිරීම…. මෝසෙස් තුමන් විසින් දික්කසාදය ස්ථීර කරනු ලැබුව.. එහෙත් ජේසුස්වහන්සේගේ පැමිණීමෙන් පසු.. එය නැවතත් පරණ තත්වයටම.. ස්ථාවරකලා… ඒ දෙවියන්වහන්සේ එක් කල දෙය මිනිසා විසින් වෙන් නොකෙරේවා යන්නයි.. එසේවුවත් ශු. සභා මාතාවට අනුව.. දික්කසාද කිරීමට බරපතල වගේම සුවිශේෂී.. හේතුවක් තිබේනම්.. පල්ලියෙන් අවසර ගෙන ඔබට එය කල හැකියී.. එයට සාධාරණ හේතුවක් තිබිය යුතුමයි.. කෙසේ වෙතත් දෙවියන්වහන්සේ එක් කල දෙය. මිනිසා විසින් වෙන් නොකරේවා..

මේ පැහැදිලි කිරීමෙන් පසුව… ගෝලයන්ටත් පැණයක් මතුවුනා..

”ස්ත්‍රිය හා පුරුෂයා අතර සම්බන්ධය මෙසේ නම්, විවාහ නොවී සිටීම වඩා හොඳ ය”යි කීහ. එහෙත්, උන් වහන්සේ ඔවුන්ට කතා කරමින්, ”දේව වරමක් ලැබූ අයට මිස, හැම දෙනාට ම මේ ප්‍රතිපත්තිය පිළිපැදිය නොහැකි ය.

මෙයින් උන්වහන්සේ අදහස් කරන්නෙ. විවාහ ජීවිතයද දෙවියන්වහන්සේගේ සුවිශේෂී වු කැදවීමක් බවයි.. එම නිසා.. විවාහ වනවාද නොවනවාද.. යන්න ඔබේ කැමැත්තක් නොව උන්වහන්සේගේ කැදවීමයි.. රෝමානු සභා සම්ප්‍රදායට අනුව ගොඩනැගුන අපේ සභාව තුල.. පූජකවරුන්ට විවාහවීමට අවසර “”නොලැබුනද.””වෙනත් පිලිගත් සභාවන් තුල එයට අවසරය ඇත.. එම නිසා.. උන්වහන්සේගේ කැදවීම තුලයි ඔබේ මගේ ඉදිරිය තීරනය වන්නෙ අනිවාර්යයෙනම..

පුංචි පුංචි දේවල් වලට දික්කසාදය කියන.. වචනයවත් පාවිච්චි කරන්න එපා.. මොකද ඔයාල දෙන්නව එකතු කරේ ජේසු.. යම්කිසි සැලසුමකට.. ඉතින්.. උන්වහන්සේ සමග ජීවත් වෙලා.. ප්‍රශ්නය නිරාකරණය කර ගන්නවා මිස.. සරල පිලිතුර කියල හිතන දික්කසාදයට යන්න එපා.. ඔයාට ඒක සරල උනාට.. එහි ප්‍රතිවිපාකය බරපතලයි.. දික්කසාද වීමට තීරනය කරන්නටත් පෙර.. සිය පාරක්වත් හිතන්න… ඔබ කඩා දමන්නෙ.. දෙවියන්වහන්සේගේ බැදීමයි..

Suba Asna - සුබ අස්න

FREE
VIEW