
මාගේ ස්වාමිවූ ජේසුස් ක්‍රිස්තුනි, මා පවුකාරයෙකු බව අමතක නොකළ මැනව. අති ශුද්ධවූ කන්‍යා මරිය තුමියනි, මා නිසා යාච්ඤා කළ මැනව. ඔබතුමියට ප්‍රසංශාවත් මහිමයත් අත්වේවා. මෙවන් පවුකාරවූ මා උදෙසා ඔබගේ ප්‍රේමනීය පුත්‍රයාට යාච්ඤා කළ මැනව. අග්‍රදූතාදි සුරදුතයන්ගේද, දිවස් ප්‍රසාදීන්ගේද, ආදිපිතුවන්ගේද ශෝභා සම්පන්නවූ උත්තමාවෙනි, ප්‍රාණපරිත්‍යාගීන්ගේද, පුජාප්‍රසාදීන්ගේද, කන්‍යාවන්ගේද, අපෝස්තුළුවරුන්ගේද කිරීටය හා මහිමාන්විත වූ රාජේශ්වරියනි, මාගේ ආත්මය මාගේ ශරීරයෙන් වෙන්වී යද්දී අති භයංකාර පෙනුමැති විනාශකාරී නිරාදුතයාගෙන් මා ගලවා ගත මැනව.
අහෝ අතී ශුද්ධවූ පරිශුද්ධතාවයේ උල්පත වූ ජේසු තුමාගේ ශෝභමාන ස්වර්ගීය ප්‍රීතියවූද, පුජාප්‍රසාදීන්ගේ සැනසිල්ලවුද, දේවසේවය අපගේ ඖෂධය වන අති ප්‍රඥාසම්පන්න වූ කන්‍යාවෙනි, සුරදුතයන්ගේ අමන්දානන්දයෙනි, මාගේ හා අනෙකුත් අයගේ ආත්මයන් වෙනුවෙන් මධ්‍යස්ථව ඔබගේ දිව්‍ය පුත්‍රයාණන්ට යාච්ඤා කර සදාකල් ජීවත්ව රජකම් කරන උන්වහන්සේට අනන්ත කාලයටම වන්දනා මාන කිරීමටද හැකිවන පිණිස අනන්තවූ ස්වර්ග රාජ්‍යයට අප කැදවා ගන්නා මෙන් ඉල්ලා සිටිමි. ආමෙන්
ජීවමාන දෙවියන්ගේ මාතාවන් වූ ශෝභමාන කන්‍යාමරිය තුමියනි, ඔබ එතුමන් ප්‍රසූත කළ හෙයින් පවුකාර වූ අප වෙනුවෙන් යාච්ඤා කර අපට පාප ක්ෂමාව දානය කරනු සදහා අපට විරුද්ධව සටන් කරන්නාවූ නිරාදූතයාගෙන් අප ගලවා සදා මෝක්ෂ සුගතිය ලබා දුන මැනව.
අපේ ස්වාමිවූ ජේසුස් ක්‍රිස්තුස් තුමාගේ දිව්‍යමයවූ දුක් ප්‍රප්තියටත් උකුත්වීමටත් සදාකල්හිම ප්‍රශංසාවත් මහිමයත් අත්වේවා!