ජීවිතයේ සමහර දේවල් අපි ජේසුගෙන් ඉල්ලුවත් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ බොහෝ දෙනා ජේසුවත් අමතක කරලා ජේසූගෙන් ඈත්වෙනවා. හැබැයි ඔවුන් දන්නේ නැහැ ඒ දේ ජේසු දුන්නේ නැත්තේ ඔවුන්ගේම හොදටයි කියල. කල් යද්දී තේරෙනවා ඇත්තටම ජේසු ඒ දේ දුන්නේ නැති එක හොදයි, දුන්නම ලොකු ප්‍රශ්නයක් වෙනවා ජීවිතයට කියල. මේ දේ ඒ වෙලාවේ තේරෙන්නේ නැහැ.

මෙන්න මේ නිසයි කියන්නේ අපි යාච්ඤා කරද්දී අපිට ඕනි කියල අපි හිතන ලැයිස්තුව කියන් යන්න නෙමේ, අපේ ජීවිතයට ඕනි දේවල් ආදර ජේසුනි ඔබ වහන්සේ දන්නා නිසා ඒවා නියමිත මොහොතේ නියමිත අකාරයෙන් අපිට ලබා දෙන්න ඉල්ලන කියා. මෙයයි අපේ යාච්ඤාව විය යුක්තේ. මේක ගොඩක් වැදගත්. අද ඉදන් මෙහෙම යාච්ඤා කරන්න. ඔයාට තේරෙයි ජේසුගේ බලය. 

Suba Asna - සුබ අස්න

FREE
VIEW