ජේසු දෙවියනි පූපයක් මෙනී - Jesu Dewiyani Pupayak Meni

ජේසු දෙවියනි පූපයක් මෙනී

ජේසු දෙවියනි
පූපයක් මෙනී
ඇසට පෙනෙනුයේ
වඳිනෙමූ දෙවියනී

පවින් අප මුදා
සැපට මඟ සදා
අපට සෙත යෙදූ
ජේසූ නමඳිමූ

මරිය මව් කුසේ
අපව මුදන සේ
මිනිස් රුව ලැබූ
වඳිනෙමූ දෙවියනී

මෙලොව සිටිය දී
පුදුම කර දි දී
අපව රැක බැලූ
වඳිනෙමූ දෙවියනී

සැබෑ ලැදි බවේ
ලකුණ ඔබම වේ
සත්ප්‍රසාදයේ
ජේසුනී වඳිනෙමූ