සැප්තැම්බර් 24 වන දින සුබ අස්න – ශු. ලූක් 8: 19 – 21

19 උන් වහන්සේගේ මෑණියෝ ද සහෝදරයෝ ද උන් වහන්සේ වෙත ආහ. එහෙත්, සමූහයා නිසා උන් වහන්සේට ළං වන්න ඔවුන්ට නොහැකි විය. 20 එවිට, ”ඔබේ මෑණියෝ ද සහෝදරයෝ ද ඔබ දකිනු රිසියෙන් පිටත සිටිති”යි උන් වහන්සේට දන්වනු ලැබී ය. 21 එහෙත් උන් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, ”මාගේ මෑණියෝත් මාගේ සහෝදරයෝත් නම් දෙවියන් වහන්සේගේ වචනය අසා එය පිළිපදින්නෝ වෙති”යි වදාළ සේක.

Suba Asna - සුබ අස්න

FREE
VIEW